නිවාස අහිමි මිල්ලනිය අඩුආදායම්ලාභීන්ට නව නිවාස.'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වසරේදී කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත නව නිවාස සංඛ්‍යාව 841කි.

එම දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් නිවාස හතරක් ඉදිකිරීම වෙනුවෙන් නිවාසලාභීන් සිව්දෙනෙකු සදහා පසුගියදා චෙක්පත් ප්‍රදානය කරනු ලැබීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආනන්ද පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පිරිනැමුණේ වැඩසටහනේ මුල් අදියරේ චෙක්පත් හතරකි.මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ද ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂී අවස්ථාව පැවැත්වුණේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.වැඩසටහනේ සංවිධානය සහ අධීක්ෂණ කටයුතු මෙන්ම තාක්ෂණික උපදෙස් සැපයීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.