"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" තේමාව පෙරදැරි කරගනිමින්, ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පෙරමුණ ගෙන සිටී.
"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" තේමාව පෙරදැරි කරගනිමින්, ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පෙරමුණ ගෙන සිටී.
මෙම ජාතික නිවාස වැඩසටහන යටතේ 2026 වර්ෂයේදී දිවයින පුරා නිවාස 9700ක් ජනතා අයිතියට පත් කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. මීට අමතරව නැවත පදිංචි කිරීමේ අංශය යටතේද රුපියල් ලක්ෂ 20 බැගින් වන නිවාස 2500ක් උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව වෙනුවෙන් ලබාදීමේ කටයුතු ද මේ වන විටත් ආරම්භ කර තිබේ.එහි වැදගත් පියවරක් සනිටුහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඊයේ දින (15) මුලතිව් සිලාවත්ත සහ වට්ටාපලෙයි ගම්මානයන්හි නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු නිවාස දෙකක්ද ප්‍රතිලාභී අයිතියට පත් කිරීමට ද කටයුතු කළේය.මෙම අවස්ථාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා,වවුනියා දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
No Comments