2026 වසරේදී මෙරට වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"

2026 වසරේදී මෙරට වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකරන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනයි.

එම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළියන්දල, සිද්ධමුල්ල, ඇල්හේන පාර, අංක 78, පදිංචි චන්ද්‍රදාස පීරිස් මහත්මා වෙනුවෙන්ද නව නිවසක් ඉදිකිරීමට යෝජිතය.

එම ආධාර නිවස ඉදිකිරීම සදහා මුල්ගල තැබීම පසුගියදා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ප්‍රියන්කා මහත්මිය, සිද්ධමුල්ල වසමේ ග්‍රාමනිළධාරී, ප්‍රජාශක්ති කමිටු නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී ප්‍රබෝධ නුවන් යන මහත්ම මහත්මීන්ගේද ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.