අඩු ආදායම්ලාභී පවුල් සඳහා සුරක්ෂිත හා ගුණාත්මක නිවාස පහසුකම් සැලසීම අරමුණ කරගනිමින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රතිලාභී අයිතියට පත් කෙරිණි

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සුරක්ෂිත හා ගුණාත්මක නිවාස පහසුකම් සැලසීම අරමුණ කරගනිමින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රතිලාභී අයිතියට පත් කෙරිණි.මෙලෙස විවෘත කෙරුණේ මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලහේන ග්‍රාම නිලධාරී වසමේ පදිංචි චානක චමින්ද මහතා වෙනුවෙන් ඉදිකළ නව නිවසයි.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස වැඩසටහන යටතේ පිරිනමන ලද රුපියල් ලක්ෂ දහයක ආධාර මුදල් සහ තාක්ෂණික උපදෙස්ද සහිතව මෙම නිවස ඉදිකර තිබේ.ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය,ප්‍රජා ශක්ති කමිටු සභාපති,ග්‍රාම නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරි ඇතුළු රාජ්‍ය සේවකයන්ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් වැලිපිටිය තාක්ෂණ නිලධාරීද මෙම අවස්ථාවට සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.