සියලු ජනතාවට සුරක්ෂිත හා ගුණාත්මක නිවාස පහසුකම් ලබාදීමේ අරමුණ පෙරදැරිව තවත් ප්‍රතිලාභී පවුලක් සදහා නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.

සියලු ජනතාවට සුරක්ෂිත හා ගුණාත්මක නිවාස පහසුකම් ලබාදීමේ අරමුණ පෙරදැරිව තවත් ප්‍රතිලාභී පවුලක් සදහා නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ."තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන යටතේ තෝරාගත් කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නිපිටිය, බ්‍රාහ්මණගම, බෝගහලන්ද වත්ත, අංක 226/බී, පදිංචි ගීතා දමයන්ති මහත්මිය වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නව නිවසට මුල්ගල් තැබුණේ;කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බ්‍රාහ්මණගම වසම භාර ග්‍රාමනිලධාරී, ප්‍රජාශක්ති කමිටු සභාපති ඇතුළු නිළධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී ප්‍රබෝධ නුවන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන් ම සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.