නිවසක් යනු පවුලක සමාජ හා ආර්ථික සවිබලගැන්වීමේ පදනමයි. එම අරමුණ යථාර්ථයක් කරමින් තවත් නිවාසයක් ප්‍රතිලාභී අයිතියට පත්කිරීම පසුගියදා සිදුකෙරිණි.

නිවසක් යනු පවුලක සමාජ හා ආර්ථික සවිබලගැන්වීමේ පදනමයි. එම අරමුණ යථාර්ථයක් කරමින් තවත් නිවාසයක් ප්‍රතිලාභී අයිතියට පත්කිරීම පසුගියදා සිදුකෙරිණි.මෙලෙස විවෘත කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළඋස්ගොල්ලෑව තුලානේ ලයනල් ආරියවංශ මහතා වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවසයි.ඒ සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනෙන් රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් ලබා දී තිබේ. ඊට අමතරව තාක්ෂණික උපදෙස් සහ අධීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය මගිනි.නිවස විවෘත කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාව සදහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරී, ක්ෂේත්‍ර නිළධාරීන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්  සහභාගි වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.