කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 24කින් යුත් “පතිනිගම” ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.....
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 24කින් යුත් “පතිනිගම” ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.....
වත්මන් රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීව මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ අනුව වත්මන් රජය මඟින් ක්‍රියාත්මක ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 24කින් යුත් “පතිනිගම” ආදර්ශ ගම්මානය ඊයේ (04) දින ජනතා අයිතියට පත් කෙරුණි.ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමාගේ සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.මෙම ගම්මානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, 243 ඉතෑව ග්‍රාම නිලධාරී වසමේ හුලෝගෙදර ප්‍රදේශයේ ඉදිකර ඇත.නිවාස 24කින් සමන්විත මෙම ගම්මානය ජලය, විදුලිය හා මාර්ග ඇතුළු යටිතල පහසුකම්වලින් සමන්විතය. මෙම ගම්මානය ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 12 ක ආධාර මුදලක් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 7.3ක ආධාර මුදලක් වැය කොට ඇත. තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය හා ප්‍රජා සහභාගිත්ව දායකත්වය සමඟින් මෙම ගම්මානය ඉදිකිරීමට වැය වූ මුලු මුදල රුපියල් මිලියන 39.957කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රථම ඉන්දියානු ආදර්ශ ගම්මානය මෙයවේ.ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දූරදර්ශී මඟපෙන්වීම යටතේ ඉන්දීය රජයේ ප්‍රදාන හරහා ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක වේ.
එම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සහ මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව ඉන්දික දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත, නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.එච්. නිලන්ත බණ්ඩාර, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල, වයඹ පළාත් නිවාස කොමසාරිස් ඊ.එම්.පී.එම්.බී ඒකනායක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු එන්.කේ.බී.එස්. නරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ ගම්වැසියන් සහභාගී වූහ.
No Comments