මොණරාගල දිස්ත්‍රික්කයේ නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල්වලට නව නිවාස.
මොණරාගල දිස්ත්‍රික්කයේ නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල්වලට නව නිවාස.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදුනාගත් ප්‍රතිලාභීන්ට චෙක්පත් ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරුණේ සෙවනගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මියගේ ප්‍රධානත්වයෙනි.ඉදිකොළපැලැස්ස ග්‍රාමනිලධාරී වසමේ ඉෂාරා සංදීපනි මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසට මුල්ගල් තැබීමට සමගාමීව එම වසමේම තෝරාගත් ප්‍රතිලාභීන්ට චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි. ප්‍රදේශයේ තවත් නව නිවාස හයකට මුල්ගල් තැබීමද මීට සමගාමීව පැවැත්විණි.සෙවනගල ප්‍රාදේශීය සභා සභාපති මහේෂ් බණ්ඩාර සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම් නයනරංජිත් ප්‍රියශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය මගිනි.
No Comments