තමන්ගෙම නිවසක හිමිකම සෑම පවුලකම අයිතියකි.ඒ වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස
තමන්ගෙම නිවසක හිමිකම සෑම පවුලකම අයිතියකි.ඒ වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවන්නේ ජාතික නිවාස වැඩසටහනට සමගාමීවයි.ඒ යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්තේගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි පී.එම්.ප්‍රේමලතා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා උප සභාපති සහ සෙසු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් කළමණාකරු ඇතුළු අනෙකුත් නිලධාරින් සහභාගී වූහ.
No Comments