තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' යන අරමුණ සාර්ථක කරමින් තවත් පවුලකට නව නිවසක සිහිනය සැබෑ කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ
තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' යන අරමුණ සාර්ථක කරමින් තවත් පවුලකට නව නිවසක සිහිනය සැබෑ කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
පිඩලිගන්නවල ග්‍රාම සේවා වසමේ සදුනි නිමේශිකා මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මෙම නව නිවස සදහා මුල්ගල් තැබුණේ;රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සුවිශේෂී අවස්ථාව සදහා ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම්, නිවාස සංවර්ධන නිළධාරී, ඇතුළු රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ වූහ.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ වත්මන් රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීවයි. එහි රත්නපුර දිස්ත්‍රික්කයට අදාල නිවාස සංවර්ධන වැඩකටයුතු රත්නපුර දිස්ත්‍රික් කලමනාකාරතුමා ප්‍රමුඛ කාර්යයමණ්ඩලය යටතේ සිදුකෙරේ
No Comments