"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව,අඩු ආදායම්ලාභී පවුල් 13ක් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීම වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය කිරීම,

"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව,

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්ථිර නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 13ක් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීම වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය කිරීම,

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රධානත්වයෙනි.මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගිනි.මෙම උත්සවයට මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂතුමිය, පරිපාලන ග්‍රාමනිලධාරී සහ ගණකාධිකාරී ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

එසේම, නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී කේ. ලලිත් කුමාර ප්‍රනාන්දු මහතා සහ ඉංජිනේරු සහකාර ජී.එම්.එස්. නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.