වවුනියා දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව නිවාස පහක් ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ

වවුනියා දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව නිවාස පහක් ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ.අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්’ නිවාස ආධාර වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර තිබේ.මෙම නිවාස 5 ඉදිකිරීම සඳහා  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ පනහක මුදලක් ආධාර ලෙස ලබා දී ඇති අතර, තාක්ෂණික උපදෙස් සහ සම්බන්ධීකරණ කටයුතුද සිදු කර තිබේ.

පසුගිය 15 වැනිදා පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහභාගී වු අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.