නිවසක් අහිමි පවුලකට, තමන්ගෙම නිවසක සිහිනය පසුගියදා සැබෑ කරගැනීමට හැකිවිය.ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේයි.
නිවසක් අහිමි පවුලකට, තමන්ගෙම නිවසක සිහිනය පසුගියදා සැබෑ කරගැනීමට හැකිවිය.ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ වැඩ ආරම්භ කළ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරංගොඩ ග්‍රාමනිලධාරී වසමේ තුෂානි සංජීවනී මහත්මිය වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවස මෙලෙස විවෘත කෙරුණේ පසුගිය 29 වැනිදායි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා මීරිගම ප්‍රාදේශීය සභා සභාපති සුමිත් මහින්දලාල් මහතා,ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍රානාත් ගුණවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණ නිළධාරි දිල්රුක්ෂි ගුණතිලක මහත්මිය මෙන් ම ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
No Comments