නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා උතුරු නැගෙනහිර නිරීක්ෂණ චාරිකාවක - කිලිනොච්චිය දිස්ත්‍රික්කය
නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා උතුරු නැගෙනහිර නිරීක්ෂණ චාරිකාවක - කිලිනොච්චිය දිස්ත්‍රික්කය
වත්මන් රජයේ ජාතික නිවාස වැඩසටහන වන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මත නිවාස 2500ක් ජනතාව වෙත ලබා දීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කර ඇත. ඒ අනුව 2026 නැවත පදිංචි කිරීමේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු නිවාස පිළිබඳ නිරීක්ෂණයක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තවත් නිවාස ප්‍රතිලාභීන් 35දෙනෙකු සඳහා චෙක්පත් ලබා දීම නිවාස, ඉදකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (16) සිදුවිය. එහිදී නැවත පදිංචි කිරීමේ අංශය මඟින් ඉදිකෙරුණු නිවාස 3ක් ජනතා අයිතියට පත් කිරීම ද සිදුවිය.
No Comments