සෙවණක් පමණක් නොව, ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් තවත් නිවසක වැඩ ආරම්භ කෙරේ.දිනෙන් දින ඉහළ යන නිවාස ගැටළුවලට විසදුම් සැපයීමේ

සෙවණක් පමණක් නොව, ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් තවත් නිවසක වැඩ ආරම්භ කෙරේ.දිනෙන් දින ඉහළ යන නිවාස ගැටළුවලට විසදුම් සැපයීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවන්නේ නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමිනි.රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උඩුගල ග්‍රාම නිලධාරී වසමේ,චන්ද්‍රසිරි මහතා වෙනුවෙන්ද එම වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකෙරෙන අතර එම නිවසට මුල්ගල තැබීම පසුගිය දොළොස්වැනිදා සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා උඩුගල ප්‍රජා ශක්ති සංවර්ධන සභා සභාපති අරුණ සමන් පියතිලක මහතා, ක්ලීන් ශ්‍රී ලංකා අයගම සම්බන්ධීකාරක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් නිරෝෂණ මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් මෙන්ම ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරී,සංවර්ධන නිළධාරී  ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.