'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනෙන් 2026 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කෙරුණු ප්‍රතිපාදන යටතේ වැඩ අවසන් කළ පළමු නිවස ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ.
'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස ආධාර වැඩසටහනෙන් 2026 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කෙරුණු ප්‍රතිපාදන යටතේ වැඩ අවසන් කළ පළමු නිවස ප්‍රතිලාභී අයිතියට පත්කෙරේ.
පඬුවස් නුවර ප්‍රාදේශීය සභා සභාපති සංජීව කරුණා සාගර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස විවෘත කෙරුණේ පඩුවස්නුවර නැගෙහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොළඹගම ග්‍රාම නිලධාරී වසමේ බි. එන්.අසංක ඉඳුනිල් මහතා වෙනුවෙන් ඉදිකළ නව නිවසයි.පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් සඳමාලි තිලකරත්න මහත්මිය සහ සැලසුම් අධ්‍යක්ෂතුමිය, වසමභාර රාජ්‍ය නිලධාරීන් සහ කොට්ඨාස භාර තාක්ෂණ නිලධාරී W..A. චතුරංගනී සෙව්වන්දි මහත්මිය ඇතුළු පිරිසක්ද ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මේ වනවිට නිවාස වැඩසටහන් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්කය තුළ නිවාස ගැටලුව විසදීම සදහා කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵල වශයෙන් 'පතිනිගම' ආදර්ශ ගම්මානය විවෘත කිරීම, ලක්ෂ අසූවකට අධික වටිනාකම්කින් යුත් චෙක්පත් ප්‍රදානය කිරීම වැනි සුවිශේෂී වැඩසටහන් මේ වනවිටත් අවසන් කර තිබේ.
No Comments