"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" අඩුආදායම්ලාභී පවුල්වලට හිමිකරදීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක්
"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" අඩුආදායම්ලාභී පවුල්වලට හිමිකරදීම වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් පිරිනැමෙන නිවාස වැඩසටහන මේ වනවිටත් දීපව්‍යාප්තව ක්‍රියාත්මකයි.
එම වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් නිවාසලාභීන් වෙනුවෙන් දෙවැනි අදියරට අදාල චෙක්පත් ප්‍රදානය පසුගියදා සිදුකරන ලද්දේ,පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්.අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙනි.
කිරින්ද ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.තේරීම් කමිටුවක් හරහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මගින් සලකා බලනු ලබන නිර්ණායක යටතේ මෙම ආධාරලාභීන් තෝරාගනු ලබයි. අනතුරුව යෝජිත නිවාස ඉදිකරන අතරවාරයේදී අදියර කිහිපයක් යටතේ මෙලෙස චෙක්පත් ප්‍රදානය සිදුකරනු ලබයි.
No Comments