අඩුආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති හරහා, සුරක්ෂිත හා ගෞරවනීය නිවාස අයිතියක්

අඩුආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති හරහා, සුරක්ෂිත හා ගෞරවනීය නිවාස අයිතියක් උදෙසා තවත් පියවරක් සනිටුහන් කරමින්,"තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක් "අඩු ආදායම්ලාභී  නිවාස ආධාර වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගෙදර දකුණ ග්‍රාමනිලධාරී වසමේ ඉදිකරන ලද චතුර සම්පත් මහතාගේ  නිවස විවෘත කිරීම පසුගියදා සිදුකෙරුණේ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.බුලත්සිංහල ප්‍රාදේශීය සභා උපසභාපති ඇතුළු මන්ත්‍රීවරුන්, ප්‍රධාන දේශපාලන නියෝජිතයන් හා බුලත්සිංහල සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාමනිලධාරී ඇතුළු රජයේ නිලධාරීන් හා ප්‍රදේශ වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.