"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත නව නිවාස දෙකකට මුල්ගල් තැබීම,
"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත නව නිවාස දෙකකට මුල්ගල් තැබීම,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතාවක හා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්කොස්ගම, කනම්පැල්ල, අංක 92/ඩී, පදිංචි නිශාන් චතුරංග,කොස්ගම, ඉහළ කොස්ගම, 480/1 පදිංචි මධුෂි රශ්මිකායන ප්‍රතිලාභීන්ගේ නව නිවාස වෙනුවෙන් මුල්ගල් තැබුණු මෙම අවස්ථාවන් සදහා,ප්‍රාදේශීය දේශපාලන නායකයින්, වසම භාර ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී මෙන් ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී සමන් ජයවර්ධන මහත්මා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
No Comments