නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.
ඉන් රුපියල් ලක්ෂ අසූවක චෙක්පත් ප්‍රදානය කෙරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේයි. ඒ අනුව අඩුආදායම්ලාභී පවුල් විස්සක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් වූ චෙක්පත් විස්සක් මුල් අදියර යටතේ පිරිනමන ලදී.මෙම ආධාර නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් 2026 වසරේදී නිවාස දහසක් ඉදිකිරීමට යෝජිතයි. ඒ අතුරෙන් නිවාස 816ක වැඩ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.
ඉන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නිවාස 59ක් ඉදි කරනු ලබයි. අද දින වන විට ඉන් නිවාසලාභීන් 52ක් සඳහා අදියර කිහිපයක් යටතේ චෙක්පත් ප්‍රදානය අවසන් කර ඇති අතර නිවාස වැඩ කටයුතුද මේ වන විටත් ආරම්භ කර තිබේ. තවත් හඳුනාගත් නිවාසලාභීන් හත් දෙනෙකු සඳහා මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය කටයුතු සම්පාදනය කර තිබේ.මෙම චෙක්පත් ප්‍රදානයට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ, අර්ධ හා පූර්ණ නිවාස හානි සිදුවූ පවුල් සදහාද මෙහිදී චෙක්පත් ප්‍රදානය කෙරිණි.ඒ යටතේ ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 4ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ චෙක් පත් හතරක්,
අර්ධ නිවාස හානි සිදුවූ පවුල් 32ක් සඳහා රුපියල් ලක්ෂ තුනක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය කිරීම හා පවුල් 16ක් සදහා රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් චෙක්පත් වශයෙන් ආපදාවට ලක්වූ පවුල් 52ක් සදහා චෙක්පත් ප්‍රදානය කරන ලදී.
No Comments