වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙලට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වසරේදී වැඩිම නිවාස සංඛ්‍යාවක්
වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙලට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වසරේදී වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට යෝජිතයි.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්නිපිටිය, මාඹුල්ගොඩ, අංක 38/ඊ ලිපිනයෙහි පදිංචි මනෝජ් මහින්ද බණ්ඩාර මහතා වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත ආධාර නිවස ඉදිකිරීම සදහා මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණේ,
හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී දීපිකා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මාඹුල්ගොඩ ග්‍රාමනිලධාරී, ප්‍රජාශක්ති කමිටුවේ නිළධාරී මහත්ම මහත්මීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී ප්‍රබෝධ නුවන් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ප්‍රජාමූලික ව්‍යාපෘතියක් වන මෙම වැඩසටහන මගින් එක් නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් පිරිනැමීම, තාක්ෂණික උපදෙස් හා මගපෙන්වීමද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබයි.
No Comments