නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමේ ජාතික වැඩසටහන මේ වනවිටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර ඇත

නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමේ ජාතික වැඩසටහන මේ වනවිටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර ඇත.එහි එක් පියවරක් ලෙස “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන හදුන්වා දිය හැකිය.ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සිරිපුර මීවත්පුර ප්‍රදේශයේ ඉදිකල නව නිවසක් විවෘත කිරිම නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදනය නියෝජ්‍ය අමාත්‍ය ටි.බි. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පෙළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ හා තාක්ෂණ මඟපෙන්වීම මත මෙම නිවස ඉදිකළේය.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් රත්නසිරි  මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභා සභාපති ගයාන් චතුරංග මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු චමින්ද තෙන්නකෝන් මහතා, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිළධාරින්   එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.