“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවසක් විවෘත කිරීම
“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවසක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි.මෙලෙස විවෘත කරනු ලැබුවේ බේරුවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, 761 මුල්ලපිටිය වසමේ පදිංචි ටී.නදීෂා දිල්හානි ද සිල්වා මහත්මියගේ නිවසයි.වත්මන් රජයේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ හරහා නිවසක් ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක් ප්‍රතිලාභීයකුට රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.ප්‍රජා සහභාගිත්ව නිවාස වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර අවසානයේදී ප්‍රතිලාභියාට රුපියල් ලක්ෂ 15-20ක වටිනාකමින් යුත් නිවසක් හිමිවේ.මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, චන්දිම හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
No Comments