මාතර දිස්ත්‍රික්කයේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස වැඩසටහනේ ප්‍රතිලාභීන්ට දෙවන අදියරේ චෙක්පත් ප්‍රදානය කෙරේ
මාතර දිස්ත්‍රික්කයේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස වැඩසටහනේ ප්‍රතිලාභීන්ට දෙවන අදියරේ චෙක්පත් ප්‍රදානය කෙරේ.දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාසලාභීන් කිහිපදෙනෙකු සදහා දෙවැනි අදියර යටතේ චෙක්පත් ප්‍රදානය;
පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.දෙවිනුවර ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හා අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.
No Comments