අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව විසදීම සඳහා වත්මන් රජය මේ වනවිටත් විවිධ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.එම වැඩසටහන් අතුරින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව විසදීම සඳහා වත්මන් රජය මේ වනවිටත් විවිධ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.එම වැඩසටහන් අතුරින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.

ඒ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටි පවුල් කිහිපයක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම පසුගියදා සිදු කෙරුණි. ඒ අනුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මන්ඩලකුඩා සහ ඒත්තාලේ ග්‍රාම නිලධාරි වසම් වල නව නිවාස 03ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදුවිය.එහිදී මුල්ගල් තැබුවේ මන්ඩලකුඩා ග්‍රාම නිලධාරී වසමේ එම්.එස්.එෆ්. සෆිනාස්, කේ. ලෂිකා නිලන්ති හා ඒත්තාලේ ග්‍රාම නිලධාරී වසමේ නිලූෂා හර්ෂනී යන මහත්ම මහත්මීන්ගේ නිවෙස් සඳාහායි.
මෙම නිවාස ආධාර වැඩසටහන යටතේ එම ප්‍රතිලාභීන් තිදෙනා සඳහා රුපියල් ලක්ෂ 10 ක් බැගින් ලක්ෂ 30 ක (මිලියන 03) මුදලක් ආධාර වශයෙන් තම නිවෙස් ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙයි.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ.මොහොමඩ් ෆයිසාල්, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් පී.ජී.එස්.එන්.ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.