ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදු කරන්නා වූ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි සභාපති අරවින්ද සිරිනාත මහතා පසුගියදා එම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ප්‍රථමයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ වත්මන් තත්ත්වය සොයා බැලූ සභාපතිවරයා පසුව එක්වූයේ ඉන්දියානු රජයේ ආධාර මත ඉදිකෙරෙන නිවාස ගම්මානවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහායි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දියානු රජයේ ආධාර මත ඉදිකෙරෙන නිවාස ආධාර ගම්මාන 19කි. එහි නිවාස 620 ක් ඉදිකෙරේ.

එදින සභාපතිවරයා ලබුකැලේ, මැදකුඹුර, රදැල්ල, වෝල්ට්‍රිම්, ඇල්බියන්, බගවන්තලාව, ෂැනන්, වැලිඔය, නොර්වුඩ් යන ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති 11ක වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා එක්විය.

එම නිවාස ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය හා එහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී මේ වනවිට මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එය කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.