නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටින පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීම පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේදී සිදු කෙරුණි.
නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටින පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීම පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේදී සිදු කෙරුණි.
වත්මන් රජයේ නව නිවාස වැඩපිළිවෙළට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස වැඩසටහන යටතේ මෙම මුල්ගල තැබීම සිදුකරන ලදි.මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරතිව් ග්‍රාම නිලධාරී වසමේ එම්.එෆ්.අස්මරා හා සමගිපුර ග්‍රාම නිලධාරී වසමේ ටී.එම්.නදීරා සිල්වා යන අයගේ නිවෙස් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් තම නිවස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දේ.
දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.එම්. ගයාන් චානක, එම්.ජේ.එම්.ෆයිසාල්, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් එස්.එම්.පී.නන්දසේන, පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු ඩී.ඒ.ප්‍රියදර්ශන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
No Comments