ගම්පහ දිස්ත්‍රික්කයේ දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණින් නව නිවාස කිහිපයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණින් නව නිවාස කිහිපයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කම්මල්තර ග්‍රාම නිලධාරී වසමේ එම්.ටී. මොහමඩ් රුස්නි, නැගෙනහිර දළුවකොටුව ග්‍රාම නිලධාරී වසමේ ජී.එච්. මදූශිකා ප්‍රනාන්දු, නැගෙනහිර දළුපත ග්‍රාම නිලධාරී වසමේ පී. එඩිල් නිශාන්ත, දළුපත ග්‍රාම නිලධාරී වසමේ ඩබ්.යූ. දිල්හානි ප්‍රනාන්දු, කුඩාපාඩුව ග්‍රාම නිලධාරී වසමේ පී. සම්මුග ප්‍රියා, සිරිවර්ධන පෙදෙස ග්‍රාම නිලධාරී වසමේ කේ.එස්. මේරි අමලේශ්වරී, කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ එච්.ඒ.ඩී. සන්තානා ලක්ශානි යන ප්‍රතිලාභීන්ගේ නිවෙස් සඳහා මෙහිදී මුල්ගල තැබූහ.
එම ප්‍රතිලාභීන්ට නිවස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.
වත්මන් රජයේ නව නිවාස වැඩසටහන මේ වනවිටත් ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික් සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
No Comments