වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිකමින් පීඩාවට
වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිකමින් පීඩාවට පත්ව සිටි පවුල් වෙනුවෙන් නිවාස ආධාර චෙක්පත් ලබා දීමේ වැඩසටහනක් පසුගියදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම උත්සවයේදී නිවාස 06ක් සදහා ඉදිකිරීම සඳහා ප්‍රතිලාභින් 06 දෙනෙකුට නිවාස ආධාර චෙක්පත් ලබා දීම සිදුවිය. එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ආධාර වශයෙන් හිමිවෙන අතර එහි පළමු අදියර යටතේ එක් ප්‍රතිලාභියකුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක චෙක්පතක් බැගින් මෙහිදී ප්‍රධානය කෙරුණි.
මෙම අවස්ථාවට මුලිතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේස්වාන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ගුණපාලන්, ජාතික නිවස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකරු එච්.පී.ආර්. කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වූහ.
No Comments