රත්නපුර දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිකමින් පීඩාවට පත්ව සිටි පවුල් වෙනුවෙන් නිවාස ආධාර චෙක්පත් ලබා දීමේ වැඩසටහන සබරගමු පළාත් ආණ්ඩුකාර

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිකමින් පීඩාවට පත්ව සිටි පවුල් වෙනුවෙන් නිවාස ආධාර චෙක්පත් ලබා දීමේ වැඩසටහන සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පිකා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නවනගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 60ක් සඳහා මෙහිදී නිවාස ආධාර චෙක්පත් හිමිවිය.

වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන මගින් එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ආධාර වශයෙන් හිමිවෙන අතර එහි පළමු අදියර යටතේ එක් ප්‍රතිලාභියකුට රුපියල් එක්ලක්ෂ හතලිස් හත්දාහක චෙක්පතක් බැගින් මෙහිදී ප්‍රධානය කෙරුණි.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත, රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු ඒ.ටී.යූ.එම්.බී. තෙන්නකෝන් යන මහත්වරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.