වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ

වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ නිවසක් නොමැතිකමින් පීඩාවට පත්ව සිටි අඩු ආදායම්ලාභී පවුල් 111ක් සඳහා නිවාස ආධාර චෙක්පත් ලබා දීමේ වැඩසටහනක් පසුගියදා නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම වැඩසටහන පැවැත්වුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීය.

එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ආධාර වශයෙන් හිමිවෙන අතර එහි පළමු අදියර යටතේ එක් ප්‍රතිලාභියකුට රුපියල් ලක්ෂයක චෙක්පතක් බැගින් මෙහිදී ප්‍රධානය කෙරුණි.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නන්දන පත්මකුමාර, නිලන්ති කොට්ටහච්චි, ඒ.එච්.ජී.ධනුෂ්ක රංගනාත්, ඔෂානි උමංගා, වෛද්‍ය නිහාල් අබේසිංහ යන මහත්ම මහත්මියන් , කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ත්‍රිමාන්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත, දිස්ත්‍රික් කළමණාකාර අජිත් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.