ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභීන්‍ගේ නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරුණ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභීන්‍ගේ නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරුණ.

වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ මෙහෙයවීමන් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.එහිදී බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෑකුඹුර ග්‍රාම සේවා වසමේ ඩබ්ලිව්.එම්. ප්‍රේමවතී මහත්මියගේ නිවසට මුල්ගල තැබිණ.මෙම නිවාස ආධාර වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් නිවස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දේ.

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.එම වැඩසටහන යටතේ සැම ග්‍රාම නිලධාරී වසමකම දිළිඳු අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදල පිරිනමනු ලබයි.මෙම අවස්ථාවට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ.වී.ඩී.සී.විමලසිරි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කළමනාකරු එස්.ඩබ්. සමරපාල යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.