වත්මන් ආණ්ඩුවේ නිවාස වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 148කට නිවාස ආධාර චෙක්පත් ලබාදීමේ වැඩසටහනක් ධීවර ජලජ හා සාගර සම්පත්
වත්මන් ආණ්ඩුවේ නිවාස වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 148කට නිවාස ආධාර චෙක්පත් ලබාදීමේ වැඩසටහනක් ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහන පැවැත්වුණේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදීය.
මෙම වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියකුට නිවසක් ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 10ක මුදලක් අදියර 05ක් යටතේ ලබා දේ. එහිදී අදාල නිවස දින 90ක් ඇතුළත ඉදි කළ යුතුය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 22කම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 182 ක් වෙත මෙම වසරේ නිවාස ආධාර ලබාදීම සදහා රුපියග් මිලියන 182ක් වෙන්කර ඇත.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ, ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ජී. ලක්ෂ්මි කාන්ති, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් එල්. එන්.පියුමාලි ලියනගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු ආර්.ඉන්දික ප්‍රසාද් යන මහත්ම මහත්මීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්‍ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනින් පසුව ගාල්ල, බද්දේගම සහ රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වල අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
No Comments