නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා මුලතිව් දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වේ.කෝකිලායි මෝය ආශ්‍රිත නිවාස ගැටළු සදහා ඉක්මන් විසදුම් සහ මූලික පහසුකම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය.

කෝකිලායි මෝය ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ නිවාස සහ තාවකාලික නිවාස සෑම වසරකම ඇතිවන ගංවතුර හා කුණාටු හේතුවෙන් පීඩාවට පත්වේ.පසුගිය වසරේ ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන්ද බොහෝ නිවාස විනාශ වී නැවත පදිංචියට නුසුදුසු තත්ත්වයට පත්ව තිබේ.  ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව කෝකිලායි ප්‍රදේශයේ  සිට වෙනත් ස්ථානයක ආරක්ෂිතව නැවත පදිංචි කිරීමට කටයුතු මේවනවිටත් සූදානම් කරමින් පවතී.නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රමය ස්ථාපිත කරන ඉඩමද පරීක්ෂා කරන ලදී. ඒ අතරවාරයේදී විපතට පත් ජනතාව සමඟ සාකච්ඡාවකටද නියෝජ්‍ය අමාත්‍යවරයා එක්විය.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.