තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝපේ
තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝපේ, උඩගම, ලෝක දර්ශන මාවතේ පදිංචි තුෂාර මහතාගේ නිවස විවෘත කිරීම පසුගියදා සිදු විය.ඒ කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක හා සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී එක් ප්‍රතිලාභියකු සඳහා තම නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.එම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ බෝපේ කොට්ඨාශ මන්ත්‍රී ජගත් උදයකාන්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී අජන්ත පතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද, ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති විජේසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
No Comments