තමන්ගේම කියා නිවසක් නොමැතිව අද බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිති. එවන් කාලවකවානුවක ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය

තමන්ගේම කියා නිවසක් නොමැතිව අද බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිති. එවන් කාලවකවානුවක ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා වත්මන් රජය විසින් නව නිවාස වැඩසටහනක් ආරම්භ කර ඇත.එහි එක් පියවරක් ලෙස පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නව නිවාස 04ක් ජනතා අයිතියට පත් කිරීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටි.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්”යන තේමාවට අනුව ක්‍රියාත්මක මෙම නිවාස වැඩසටහනට අනුව මෙලෙස විවෘත කරනු ලැබුවේ බමුණාකොටූව පදිංචි ආර්.පී.සමන්ත රුක්මාල්, පිඹුරත්තෑව පදිංචි පී.පී.එම්.දයාවති, පිඹුරත්තෑව පදිංචි යූ.කේ.ජි.රේණුකා ප්‍රියදර්ශනී, අරලගංවිල, ජයමුතුගම පදිංචි වයි.ඩබ්.චන්ද්‍ර පද්මලතා යන මහත්ම මහත්මීන්ගේ නිවාසයි.නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු සි.ජේ තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.