තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්"
තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන 2026 පිළිබඳ දැනුවත් කිරීම් සහ සාකච්ඡා කිරීම්ද සංවර්ධන කටයුතුවලට සමගාමීව ක්‍රියාත්මකයි.ප්‍රතිලාභීන් නිසියාකාරව හදුනාගැනීම, සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී පවතින ගැටළු හදුනාගෙන ඒවාට විසදුම් සෙවීම මගින් එම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 27 වැනිදා නිවාස, ඉදිකිරිම් සහ ජලසම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී යි.මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කළමණාකරු A.T.M.U.M.B තෙන්නකෝන් මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගේද සහභාගීත්වයෙනි.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2026 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 444 කි. ඒ සදහා රුපියල් මිලියන 419 ක් වෙන් කර තිබේ. මෙම සාකච්ඡා පැවැත්වුණේ එම නව නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙනි.
No Comments