පොළොන්නරුව දිස්ත්‍රික්කයේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් "
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් " නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත පිරිනැමීම මේ දිනවල සිදුකෙරේ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 507 ක් වෙන් කර තිබූ අතර ඉන් ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 636කි.මේ දිනවල ප්‍රතිලාභීන් වෙත ලබාදෙන්නේ එම වර්ෂයට අදාලව වෙන්කෙරුණු ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු නිවාසයි.ඒ අනුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රොටවැව ග්‍රාමනිළධාරී වසමේඉදිකෙරුණු නව නිවාසයක් ප්‍රතිලාභී පවුලට පිරිනැමීම පසුගියදා (08 වැනිදා) සිදුකෙරුණේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.
No Comments