නිවාසලාභීන්ට 2026 මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට 2026 මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කෙරේ...ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ හදුනාගත් ප්‍රතිලාභී පවුල් දහයක් සදහා එක්ලක්ෂ පනස්දහසක වටිනාකමකින් යුත් මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීම,අතුරලිය ප්‍රාදේශීය  සම්බන්ධීකරණ කමිටු සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනේ මූලික අදියර යටතේම අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ප්‍රතිලාභී පවුල් ඒකක 08ක වැඩ මේ වනවිටත් ආරම්භ කර තිබේ. 2026 වසර තුළ අතුරලිය කොට්ඨාසයේ නව නිවාස ඒකක 25ක් ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 25 ක මුදලක්ද මේ වනවිටත් වෙන්කර තිබේ. ඊට අමතරව නිවාස ඉදිකිරීම සදහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.