ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක,'තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක්'
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක,'තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක්' නිවාස ආධාර වැඩසටහන යටතේ;ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් සදහා දෙවන අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මෙහිදී කොට්ඨාස මට්ටමින් චෙක්පත් ලබාදීම ආරම්භ කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් 22 ක් සදහා චෙක්පත් ලබා දිම සිදු කරන ලදි.මෙම අවස්ථාව පැවැත්වුණේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපති විකුම්තිලක, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්.ඩබ්.එන්.ඩී.කුමාරි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකරු කමල් අබේධීර, තාක්ෂණ නිළධාරි ජගත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේද සහභාගීත්වයෙනි.
No Comments