අනුරාධපුර රෝහලට සියලු පහසුකම් සහිත හෘද රෝග ඒකකයක්...!
අනුරාධපුර රෝහලට සියලු පහසුකම් සහිත හෘද රෝග ඒකකයක්...!
සැප්තැම්බර් මාසයේ වැඩ ආරම්භ කිරීමටත් පියවර.
✅ සියලු පහසුකම් සහිත හදිසි ප්‍රතිකාර ඒකකයකුත් අනුරපුරට...! එහි වැඩ ආරම්භ කිරීම මේ වසරේම.
✅ අපජල පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සහ නව සංවර්ධන කටයුතු ලබන සතියේ ආරම්භ කරනවා.
ඉදිරි වසර කිහිපයේ දී අනුරාධපුර රෝහල තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර සියලු පහසුකම් සහිත හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ හෘද රෝග ඒකකයකුත් ඒ අතර වෙයි. මේ වනවිටත් සංවර්ධන ව්‍යාපෘති 15කට ආසන්න ප්‍රමාණයක් රෝහල තුළ ක්‍රියාත්මකයි.
රෝහලේ අප ජල පද්ධතියේ ගැටලු රැසක් ඇති හෙයින් එහි අලුත්වැඩියා කටයුතු සහ සංවර්ධන කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා රු. මිලියන 68ක් වෙන් කර ඇති අතර මාස 05ක් ඇතුළත එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි.
මෙම සියලු සංවර්ධන කටයුතු වඩාත් විදිමත් කරගැනීමත්, කඩිනම් කරගැනීමත් වෙනුවෙන් විශේෂ සාකච්ජාවක් මෙන්ම රෝහල තුළ නිරික්ෂණ චාරිකාවක් ද පැවැත්වුණේ
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මෙම සංවර්ධන කටයුතු වල ප්‍රධානතම හවුල් කරුවෙකු වන Central Engineering Consultancy Bureau ආයතනයේ සභාපතිතුමා,
අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂතුමා සහ කාර්ය මණ්ඩලයත් මෙම අවස්තාවට සහභාගී විය.
No Comments