තඹුත්තේගම පාසල් ළමුන් 250කට පාසල් උපකරණ කට්ටල 250ක්..!
තඹුත්තේගම පාසල් ළමුන් 250කට පාසල් උපකරණ කට්ටල 250ක්..!
තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් වල ළමයින් සහ දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් පසු ගිය 03 වන දින තඹුත්තේගම, ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේනිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අඩු ආදයම් ලාභී පවුල් වල දරුවන් 142ක් සහ දිට්වා මගින් ආපදාවට ලක් වූ දරුවන් 108 ලෙස පාසල් ළමුන් 250කට රු. 7000කට ආසන්න වටිනාකමකින් යුත් මෙම පාසල් උපකරණ කට්ටල ලබා දීම සිදු විය.මෙය සංවිධානය කර තිබුණේ රතුකුරුස සංවිධානය විසින් වන අතර මෙම උපකරණ කට්ටල සියල්ල ලබා දුන්නේ ද එම සංවිධානය විසිනි.
No Comments