මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සඳහා විසඳුම්..!

මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සඳහා විසඳුම්..!

කොට්ටාව මත්තෙගොඩ නිවාස සංකීර්ණය මීට වසර 40කට පමණ පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද්දකි.අක්කර 72ක් පුරා විහිදී ඇති මෙහි දැනට පවුල් 1500ක් පමණ ජීවත් වන නමුත් මෙහි ගැටලුකාරි තත්ත්වයන් රැසක් පවතිනවා.

ඒ අතරින් අපජල කළමනාකරණය සඳහා පිහිටා ඇති පොකුණු පද්ධතියේ විශාල ගැටලුකාරී තත්ත්වයක් පවතින අතර ඒ සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් වී ඇති නමුත් විවිධ හේතුන් මත තවමත් එම ගැටලු නිරාකරණය කරගැනීමට නොහැකිව ඇත.එසේ ම හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට උත්සාහ කලත් විවිධ හේතුන් මත එම සංවර්ධන කටයුතු මේ වන විටත් ඇනහිට ඇත.

අද දින (24) මෙහි සංචාරයක නිරත වූ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කලේ මෙහි ඇති ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන ඒ පිළිබඳ විශේෂ කරුණු සොයා බලා ඉතා ඉක්මනින් විසඳුම් ගැනීමටත්, නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නුදුරේදී ම නැවත ආරම්භ කිරීමටත් හැකිවනු ඇති බවයි.මේ සඳහා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු එහි නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා හා ග්‍රාම නිලධාරීන් පිරිසක් සහභාගී විය.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.