පැල්පත් නිවාස තුරන් කිරීමේ අරමුණෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආධාර මත ඉදිකළ "සෙවණ 2025"
පැල්පත් නිවාස තුරන් කිරීමේ අරමුණෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආධාර මත ඉදිකළ "සෙවණ 2025" ව්‍යාපෘතියේ පළමු නිවස ප්‍රතිලාභී පවුල වෙත ලබාදීම පසුගිය 13 වැනිදා (ඉරිදා) සිදු කෙරිණ.
ඒ අනුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිවාස දෙකක් මෙලෙස ප්‍රදානය කරන ලදී.
මෙම වසර අවසන් වන විට නව නිවාස පන්දහසක් දීප ව්‍යාප්ත ප්‍රතිලාභීන් වෙත ලබාදීම මෙම අධිකාරියේ අපේක්ෂාවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ පහළොවක් පමණ වන අතර මෙම වසර අවසානයේදී ඉන් නිවාස 250 ක් සම්පූර්ණ කිරීම සඳහා එක් ප්‍රතිලාභයකුට අධිකාරිය විසින් වෙන් කර ඇති ආධාර මුදල රුපියල් මිලියනයකි. ඉන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පමණක් මෙම වසර අවසානය වන විට නිවාස 35ක් සාදා නිම කිරීමට අපේක්ෂිතයි.
මෙම අවස්ථාව සඳහා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අත්තනගල්ල සම්බන්ධීකරණ කමිටු සභාපති රුවන් මාපලගම, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ, අත්තනගල්ල ජාතික ජන බලවේග සංවිධායක පුබුදු කපුරුගේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපති අරවින්ද සිරිනාත යන මහත්වරු සහභාගී වූහ.
No Comments