ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති අරවින්ද සිරිනාත මහතා කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිල සංචාරයකට
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති අරවින්ද සිරිනාත මහතා කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිල සංචාරයකට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එම අධිකාරිය සතු ඉඩම් නිරීක්ෂණය සදහා පසුගිය 09 වැනිදා (බදාදා) එක්විය.
එහිදී පළමුවෙන් ම දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙහිගොල්ල වසමේ පිහිටි ඉන්දියානු ආධාර ගම්මානය වන මාහින්කන්ද නිවාස ව්‍යාපෘතියේ නිවාස එකින් එක ඒ මහතා නිරීක්ෂණය කරන ලදී. එම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් හමු වී නිවාස පිළිබඳව සහ ඔවුන්ට පවතින ගැටළු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පොල්පැරෝව ඉඩම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා කෑගල්ල දිස්ත්‍රික් කළමනාකාරතුමිය දැනුවත් කරන ලද්දේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත ඉදිරිපත් කර මෙම ඉඩම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගන්නා ලෙසයි. එහිදී වැඩිදුරටත් අවධානය යොමු කරන ලද්දේ එම ඉඩමෙහි නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමේ යෝග්‍යතාව පිළිබඳවයි.
ඉන් අනතුරුව ගලිගමුව අඹන්පිටිය ප්‍රදේශයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාණ්ඩලික නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක් සඳහා ද සභාපති අරවින්ද සිරිනාත මහතා එක්විය. එහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාවය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන වැඩසටහන් පිළිබඳව, දේපල සම්බන්ධ ගැටලු, ණය ආපසු අයකර ගැනීම, දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යය මණ්ඩල ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලදී.
ඉන් අනතුරුව කෑගල්ල පරගම්මන කොරාකෙටූහේන හෙවත් හොරොව්වේ හේනේවත්ත පර්චස් අසූ එකක ඉඩම නිරීක්‍ෂණය සඳහාද සභාපතිතුමා එක් විය.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් කළමණාකාරතුමිය, ඉංජිනේරු සහකාර (වැ.බ), කෑගල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස භාර තාක්ෂණ නිලධාරීන් සහ දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනා සහභාගි වූහ.
No Comments