සැලසුම් හා නිරීක්ෂණ අංශය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) හි සැලසුම් හා නිරීක්ෂණ අංශය ආයතනයේ සාර්ථකත්වයට මහත් ලෙස දායක වේ. ආයතනය නැවත ඇගයීමට හා එය ගත යුතු දිශාව නිර්වචනය කිරීමට සැලසුම් ක්‍රමවේදයක් හෝ සැලසුම් පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. සැලසුම් කිරීම යනු මූලික වශයෙන් විශ්ලේෂණාත්මක ක්‍රියාවලියක් වන අතර, අනාගතය ඇගයීම, අපේක්ෂිත අනාගතය සැලකිල්ලට ගනිමින් ළඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක තීරණය කිරීම, එම ඉලක්ක සපුරාලීමට විකල්ප ක්‍රියාමාර් ග සංවර්ධනය කිරීම සහ එම විකල්ප අතරින් සුදුසුම ක්‍රියාමාර් ග තෝරා ගැනීම ඇතුළත් වේ.
ආයතනය විසින් ළඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක, උපායමාර් ග, ක්‍රියාමාර් ග, ඉලක්ක අගයන් සහ වගකීම් නියම කිරීම සඳහා වසර 3ක් හෝ 5ක් සඳහා සංස්ථා සැලැස්ම (Corporate Plan) සකස් කරනු ලැබේ. NHDA හි සංස්ථා සැලැස්මට අනුව, ඉදිරි වසර පහ තුළ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන්ගෙන් 40%ක් සැලසුම් කර ඇති උපායමාර් ග ක්‍රියාත්මක කිරීම මගින් සපුරාලීමට අපේක්ෂා කෙරේ.
සංස්ථා සැලැස්මේ උපායමාර් ග ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වසරකම ක්‍රියා සැලැස්ම (Action Plan) සකස් කරනු ලැබේ. ක්‍රියා සැලැස්ම යනු විස්තරාත්මක සැලැස්මක් වන අතර, එහි ක්‍රියාකාරකම්, වියදම් සහ වගකීම් වාර් ෂිකව නිර්වචනය කරනු ලැබේ. NHDA හි වැඩසටහන් ආයතනයේ තිරසාරභාවය පවත්වාගෙන යමින් එහි අරමුණු සපුරාලන අයුරින් සැලසුම් කළ යුතුය. මෙම සැලසුම් ක්‍රියාවලියේදී සැලසුම් හා නිරීක්ෂණ අංශය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය මෙයයි.
නව කළමනාකරණ සංකල්ප සංවර්ධනය වීමත් සමඟ රාජ්‍ය ආයතන සඳහා සංස්ථා සැලැස්ම හා ක්‍රියා සැලැස්ම සකස් කිරීම අනිවාර්ය කර ඇත. එසේම භාණ්ඩාගාරයෙන් (Treasury) මුදල් නිකුත් කිරීමට පෙර සංස්ථා සැලැස්ම සහ ක්‍රියා සැලැස්ම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.
ප්‍රධාන ක්‍රියාකාරකම්
NHDA හි සංස්ථා සැලැස්ම වාර් ෂිකව යාවත්කාලීන කිරීම.
සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා විස්තරාත්මක වාර්ෂික ක්‍රියා සැලැස්ම සකස් කිරීම.
ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
ව්‍යාපෘති ප්‍රගතිය කාලෝචිතව නිරීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම.
මාසික ප්‍රගති වාර්තා සකස් කිරීම.
කොටස්කරුවන් (Stakeholders) වෙත ත්‍රෛමාසික වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය කිරීමට සහාය වීම.
භාණ්ඩාගාර අරමුදල් සහ අනෙකුත් අරමුදල් සම්බන්ධයෙන් සංවර්ධන වැඩසටහන් වාර්තා මුදල් අමාත්‍යාංශයට සහ අදාල අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම.
සෙවන ලොතරැයි ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
NHDA විසින් නම් කරන ලද සෙවන ලොතරැයි නියෝජිතයින් පරිපාලනය, නිරීක්ෂණය හා ප්‍රගති සමාලෝචනය කිරීම සහ නව නියෝජිතයින් නම් කිරීම.