මුදල් කොට්ඨාශය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් අංශයේ ප්‍රධානතම කාර්ය ආයතනය තුල කාර්යක්ෂම හාඵලදායී මුදල් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව වාර්ෂික අයවැය සහ අවසානගිණුම් සකස් කිරීම,අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීමත් ප්‍රධාන කාර්යාලය සහ එහිවිෂය පථයට අයත් අනෙකුත් සියලු දිස්ත්‍රික් කාර්යාලයන්හි ණය අයකිරිම් හා ගෙවීම්(සංවර්ධන හාපුනරාවර්ථන) සම්බන්ධ කටයුතු හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් යන කටයුතුත් අයත් වේ.ප්‍රසම්පාදන සහ ගබඩා කළමනාකරණ කාර්යය සම්බන්ධයෙන් ගත් කල, ඊට සියළුම ප්‍රසම්පාදනකටයුතු හා එවැනි ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අවශ්‍යකාර්යාලයීය උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ වෙනත් ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම අයත් ‌වේ. ඊට අමතරවපහත සඳහන් ක්‍රියාකාරකම් මුදල් අංශය මඟින් සිදු කරනු ලැබේ.

මූල්‍ය අංශයේ කාර්යයන්

  1. මූල්‍යරෙගුලාසිසහවෙනත් අදාළ උපදෙස් අනුව වාර්ෂික ගිණුම් සකස් කර විගණකාධිපති වෙත   ඉදිරිපත් කිරිම
  2. භාණ්ඩාගාරඅරමුදලලබාගැනීම, දිස්ත්‍රික් කාර්යාලය වෙත බෙදා හැරීම,නිසිපරිදි ගිණුමිගත කිරීම හා  වාර්තා කිරීම.
  3. ආදායම්, වියදම්, අත්තිකාරම් ගිණුම් නිසි කලට වේලාවට ඉදිරිපත් කිරීම.
  4. නිල බැංකු ගිණුම් පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම.
  5. මූල්‍යගනුදෙනුනිසිලෙසවාර්ථාකිරීමසහසහතිකකිරීම.
  6. අදාළ අධිකාරීන් නියම කර ඇති පරිදි අවශ්‍ය වාර්ථා මාසිකව, කාර්තු වශයෙන් හා වරින් වර ඉදිරිපත්   කිරීම.
  7. මූල්‍ය රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශණ සහ වෙනත් අදාළ උපදෙස් අනුව ප්‍රසම්පාදන  ක්‍රියාවලිය කඩිනමින් කිරීම සහතික කිරීම.
  8. ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ට්‍රි නඩත්තු කිරීම සහ වෙනත් වත්කම් කළමනාකරණය කිරීම සඳහා  නිසි ක්‍රියාදාමයන් සහ පද්ධති ඇති කිරීම හා පවත්වා ගෙන යාම.
  9. ගිවිසුම් හා වෙනත් අදාළ උපදෙස් අනුව විදේශ ආධාර ලැබීම් සහ බෙදා හැරීම නිසි ලෙස ගිණුම් ගත කිරිම සහතික කිරීම.
  10. අදාළ ගිණුම්, මාසිකව හා වරින් වර දිස්ත්‍රික් කාර්යාල වල සහ ප්‍රධාන කාර්යාලයේ අනුරූප ගිණුම් සමඟ සැසඳීම.
  11. විගණන විමසුම්, කෝප් සහ කෝපා වාර්ථා සම්බන්ධයෙන් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ වෙනත්ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

මුදල් කොට්ඨාශය පහත අංශ වලින් සමන්විත වේ.

1. අයවැය හා අයවැය පාලන අංශය

2. අවසන් ගිණුම් අංශය

3. ආයතනික ගෙවීම් අංශය

4. සංවර්ධන ගෙවීම් අංශය

5. අභ්‍යන්තර පාලන අංශය

6. ගබඩා ගිණුම් අංශය

7. සම්පත් කළමණාකරන අංශය

8. ප්‍රසම්පාදන අංශය

9. ප්‍රධාන ගබඩාව

10. තොරතුරු තාක්ෂණ අංශය