පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නතර වූ ගම්මාන දෙකක ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නතර වූ ගම්මාන දෙකක ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම හා ආධාර චෙක්පත් ප්‍රධාන කිරීම නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මෙහිදී දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිඹුරැත්තෑව 1 හා II ග්‍රාමශක්ති ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් 47 දෙනෙකු සඳහා ආධාර චෙක්පත් සහ මෙම ගම්මානයේ වැඩ අවසන් කර ගැනීම සඳහා ආධාර මුදල් ද ලබා දෙන ලදී .මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි, දිඹුලාගල ප්‍රාදේශීය සහ සභා සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකත්වය පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
No Comments