මෙරට නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය වෙනුවෙන්;"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"
මෙරට නිවාස අහිමි අඩුආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය වෙනුවෙන්;"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
එම වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළියන්දල, මාම්පේ, කොස්කනත්ත පාර, අංක 219/1බී, පදිංචි ඒ. තිළිණි දමයන්ති මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නව නිවස සදහා මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරිණි.නාගරික මන්ත්‍රී නිහාල් හේවගේ, කොට්ඨාස සභා සභාපති ලියනගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් මාම්පේ වසම භාර ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරී, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී මොහමඩ් සකී යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වී සිටියහ.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක්, තක්ෂණික උපදෙස්, අධීක්ෂණය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන මෙම වැඩසටහන ප්‍රජා සහභාගීත්ව සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකයි.
No Comments