ජාතික නිවාස වැඩසටහන මෙම වසරේ ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් දායකත්වය දක්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"
ජාතික නිවාස වැඩසටහන මෙම වසරේ ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් දායකත්වය දක්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නංවන්නේ හිසට සෙවණක් නොමැති අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමිනි.එම ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලන්ද ග්‍රාම නිළධාරී වසමේ ඩබ්ලිව්.ජී.ආර් ලසන්ති ගමගේ මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස විවෘත කිරීම ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ජේ. එම් කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේ පසුගිය 12 වැනිදායි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ දහයක ආධාර මුදලක් ද ප්‍රදේශවාසීන්ගේ සහායද ඇතිව මෙම නිවස ඉදිකර තිබේ. තාක්ෂණික උපදෙස් සැපයීම හා අධීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගිනි.
No Comments